මත්පැන් බලපත්‍ර ලබාදෙන්නේ හොර අරක්කු අඩු කරන්න – රංජිත් සියඹලාපිටිය

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිඳු වැඩපිළිවෙළක් සකසා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේ දී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබූ බවයි.

ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා යළි ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම සහ නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මඟින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම නීතිවිරෝධී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම රජයේ අවශ්‍යතාවය බව ද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේ දී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

විපක්ෂ නායකවරයා පවසන ආකාරයට මත්පැන් බලපත්‍ර අයදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් පැනවීමට ගිය හොත් විපක්ෂ නායකවරයාට ඉතිරිවන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කිව නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

  1. අනේ බයිලා ගහන්න නැතුව ඉන්නවා. මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් දෙන්නේ ඒක විකුනලා සල්ලි හොයලා ජන්දේට වියදම් කරන්න . මිනිස්සු කසිප්පු බොන්නේ අරක්කු ගන්න සල්ලි නැති හින්දා , එච්චර අරක්කු ගනං. ඒකවත් දන්නේ නැති ඇමතිලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37