ලෙඩ වූ ග්‍රාම නිලධාරීන් නිසා මහජනතාව දැඩි අපහසුතාවයට (වීඩියෝ)

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (14) සිට දින තුනක් ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ලබන මැයි මස 27 වන දින සිට දැඩි ක්‍රියාමර්ගවලට එළඹෙන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවනු ලැබුවේ.

පසුගිය සතියේ දින 02ක් අසනීප නිවාඩු වාර්තා කරමින් ග්‍රාම සේවා නිලධාරීන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබුනේ නැහැ.

ඒ, අනුවයි ඔවුන් අද (14) සිට දින තුනක් යළි අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ.

මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ගෙන් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46