පැන්ෂන් එක ගන්න අවුරුදු ගණනක් පියාගේ මරණය සඟවලා

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාගැනීම වෙනුවෙන් කාන්තාවක් සිය මියගිය පියාගේ සිරුර වසර ගණනාවක් නිවසේ සඟවා තැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිවාන ජාතික කාන්තාව විසින් මෙලෙස තම පියාගේ මරණය සඟවා වසර ගණනාවක සිට ඔහුගේ විශ්‍රාම වැටුප ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඩෙංගු මර්දන රසායන ද්‍රව්‍ය ඉසීමට නිවසට පැමිණි නිලධාරීන් කණ්ඩායමකට අදාළ කාන්තාව විසින් නිවස තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදීමත් සමඟ ඇය සම්බන්ධයෙන් පොලීසියට සැකයක් මතුව තිබෙනවා.

පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, එහිදී ඇයගේ පියා සිටින ස්ථානය පිළිබඳව ද නිලධාරීන් ප්‍රශ්නකර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ තම පියා වැඩිහිටි නිවාසයක සිටින බවයි.

කෙසේ වෙතත් පසුව ඊට පරස්පර ප්‍රකාශයක් සිදුකරමින් ඇය පවසා ඇත්තේ තම සොහොයුරා ඔහුව වෙනත් රටකට රැගෙන ගොස් ඇති බවයි.

කාන්තාවගේ පියා තායිවානය හැර ගොස් නැති බවත්, සහෝදරයා මියගොස් වසර ගණනාවක් ගතවන බවත් පොලිසිය මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව පොලිසිය එම කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී වයෝවෘද්ධ පුද්ගලයකුගේ ඇටකටු සහිත කළු පැහැති කසළ බෑගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පියාගේ සිරුර සඟවාගෙන සිටි කාන්තාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තායිවාන පොලිසිය කටයුතු කර ඇති අතර, පියාගේ මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

වසර 20කට වැඩි සේවා කාලයක් සහිත යුද හමුදාවේ සේවය කර ඇති කාන්තාවගේ පියාට ඔහුගේ නිලය සහ සේවා වාර්තාව මත මාසික විශ්‍රාම වැටුපක් හිමි වූ අයෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46