දිල්ලි මහ ඇමතිට අතුරු ඇපයක් – ජුනි 02 වනදා යළි භාරවෙන ලෙසත් නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අතුරු ඇපමත මුදාහැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ඔහුව ලබන ජුනි 01 දක්වා මෙලෙස ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇති අතර, ඔහු ජුනි දෙවනදා වන විට යළිත් බන්ධනාගාර නිලධාරීන්ට භාර විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් අරවින්ද් කෙජ්රිවාල්ගේ නීතීඥ කණ්ඩායම ජූලි මාසය දක්වා එනම් ඉන්දීය මැතිවරණය අවසන් වී නව රජය පිහිටුවා අවසන් වනතෙක් අතුරු ඇප කාලය ඉල්ලා තිබුණා.

‘ආම් ආද්මී’ පක්ෂයේ නායකයා වන අරවින්ද් කෙජ්රිවාල් පසුගිය මාර්තු මස 21 වනදා මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කළ බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40
Video thumbnail
අන්තරේ පැටව් ටිකට නීතිය ගොළුයි..දැන් අපිට පොලිසියට එන්න කියලා - විමල්ට යකා නගියි
02:56
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07