කාන්තා මළ සිරුරක් නොයිඩා සරසවියේ ජල ටැංකියක – සැමියා හා නැන්දම්මා අතුරුදන්

ඉන්දියාවේ නොයිඩා හි ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේ ජල ටැංකියක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිවාස ගොඩනැගිල්ලේ ජල ටැංකියේ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි.

අදාළ කාන්තාව සිය සැමියා සහ නැන්දම්මා සමඟ එහි පදිංචිව සිට ඇති අතර, මේ වනවිට සැමියා සහ නැන්දම්මා අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැකකරන්නේ ඔවුන් දෙදෙනා විසින් මෙම කාන්තාව ඝාතනය කර පසුව මළ සිරුර ජල ටැංකියට දමා පළායන්නට ඇති බවයි.

අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් හටගන්නා බවට අසල්වාසීන් පොලිසියට පවසා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය ඉරිදා (05) දිනයේ දීත් දෙදෙනා අතර ගැටුමක් ඇති වූ බවයි.

මියගොස් ඇති කාන්තාවගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනවිට අතුරුදන්ව ඇති සැමියා සහ නැන්දම්මා සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹා තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33