කාන්තා මළ සිරුරක් නොයිඩා සරසවියේ ජල ටැංකියක – සැමියා හා නැන්දම්මා අතුරුදන්

ඉන්දියාවේ නොයිඩා හි ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේ ජල ටැංකියක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිවාස ගොඩනැගිල්ලේ ජල ටැංකියේ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි.

අදාළ කාන්තාව සිය සැමියා සහ නැන්දම්මා සමඟ එහි පදිංචිව සිට ඇති අතර, මේ වනවිට සැමියා සහ නැන්දම්මා අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැකකරන්නේ ඔවුන් දෙදෙනා විසින් මෙම කාන්තාව ඝාතනය කර පසුව මළ සිරුර ජල ටැංකියට දමා පළායන්නට ඇති බවයි.

අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් හටගන්නා බවට අසල්වාසීන් පොලිසියට පවසා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය ඉරිදා (05) දිනයේ දීත් දෙදෙනා අතර ගැටුමක් ඇති වූ බවයි.

මියගොස් ඇති කාන්තාවගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනවිට අතුරුදන්ව ඇති සැමියා සහ නැන්දම්මා සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹා තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?