On Arrival වීසා ගැටලුවට ඇමති ටිරාන් උත්තර බඳීයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමක් තෝරා ගනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු අන්තර්ජාල වේදිකාවේ පැවති අඩු පහසුකම් හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම වේදිකාව නවීන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට වසර 04ක් පුරා ගත් උත්සාහයන් අසාර්ථක වී ඇතැයි අද (06) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් පෙන්වා දුන්නා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන ගිය ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වන අවස්ථාවේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය හෙවත් On arrival visa නිකුත් කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් 17 වැනිදා සිට වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගමට ලබාදී තිබුණා.

ඒත් සමගින් සංචාරකයින්ගෙන් වීසා සඳහා අය කෙරන ගාස්තු ඉහළ නංවනු ලැබුවා.

එමෙන්ම ගුවන්තොටුපල වීසා කවුලුවේ ප්‍රමාද වීම් හේතුවෙන් පසුගිය පළමුවැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දිගු පෝලිම් නිර්මාණය වුණා.

ඒත් සමගින් එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

එල්ල වූ දැඩි විරෝධය හමුවේ වීසා නිකුත් කිරීම යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරනු ලැබුවා.

උද්ගත වූ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය අමාත්‍යංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද කැඳවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05