පුංචි ලෝක කුසලානයේ දී ස්කොට්ලන්ත පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

2024 පන්දුවාර 20 – 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

අබුඩාබිහි දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් සියල්ලන් දැවී පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ ලකුණු 94ක් රැස් කළා.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ලෝර්නා ජැක් ලකුණු 24ක් රැස්කළ අතර, පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 04ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 95ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා ආරම්භක පිහිකරිනියන් යුගළය පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 10යි එක් පන්දුවක් තුළ එම ඉලකය පසුකර යමින් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් හිමිකර දුන්නා.

එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 59ක් රැස්කළ අතර, විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
13
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?