දමිතාට හා සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක්

කොරියාවේ රැකියාවක් ලබාදෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය නිළි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තවත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර මොහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ දමිතා හා ඇගේ සැමියා මොහුගෙන් රුපියල් ලක්ෂ 34ක් ලබාගත් බවත් පසුව ඉන් රුපියල් ලක්ෂ 4ක් නැවත තමාට ලබාදුන් බවත්ය.

පොලීසිය පවසන්නේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?