අවුන් සාන් සුකී බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් කර ඇති බව වාර්තා වනවා.

එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇයව මෙලෙස නිවාස අඩස්සියට පත් කර ඇති බවයි එරට හමුදා රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ වනවිට 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මියන්මාර හමුදාව විසින් 2021 දී කුමන්ත්‍රණයකින් අවුන් සාන් සුකී රජය පෙරළා දැමීමෙන් පසු ඇයව සිරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30