ඉරාන ජනාධිපති ශ්‍රි ලංකාවේ නිල සංචාරයක

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන 24 වෙනිදා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඉදිකෙරුණ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා වන නිල උත්සවයට සහභාගී වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

2011 වසරේ දී ඉදිකිරීම් ඇරඹුණු උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජාතික ඉංජිනේරුවන් විසින් විදෙස් රටකදී සිදුකරන ලද විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.

එමෙන්ම එය, කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසුව ශ්‍රී ලංකාවේ දියත් කළ දැවැන්තම වාරි ව්‍යාපෘතිය ද වනවා.

මෙම ව්‍යාපෘතිය හරහා අක්කර පන්දහසක ගොවි බිම් සදහා ජලය ලබාදීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව ගිගාවොට් 290ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ද නියමිතයි.

පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන්, ඉරානය ඊශ්‍රායලයේ මෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ ද ප්‍රබලතම ප්‍රතිවාදියා වී සිටිනවා.

එමෙන්ම රතු මුහුදේ හූති සටන්කරුවන්ට ඉරානය උපකාර කරන බවට ද අමෙරිකාව නිරන්තරයෙන් චෝදනා කරන අතර නිසි අවස්ථාව පැමිණි වහාම ඉරානයට පහරදෙන බවයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.

මෙවැනි අර්බුධකාරී පසුබිමක ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීම ලෝක අවධානයයට යොමුවන කාරණයක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46