මෙවර අවුරුදු උත්සවවල කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම බැහැ

මෙවර පැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයන්හි දී “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”යන ක්‍රීඩා “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28