මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳු මෙන්ඩිස්ට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තේරී පත්ව තිබෙනවා.

බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම තුන අතරට කමිඳු මෙන්ඩිස්ව නම් කළා.

කමිඳු මෙන්ඩිස්ට අමතරව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි 2024 මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීම සඳහා නිර්දේශ වී සිටියා.

“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ආශ්වාදයක් ලෙස සලකනවා, මා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයින් සහ හොඳ තරඟකරුවන් ලෙස මම සලකනවා.” යනුවෙන් කමිඳු මෙන්ඩිස් අදහස් දක්වා තිබුණා.

ප්‍රභාත් ජයසූරිය සහ වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රහණය හිමිකරගත් තුන්වන ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41