spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිරුළ කමිඳු මෙන්ඩිස්ට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තේරී පත්ව තිබෙනවා.

බංග්ලාදේශය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම තුන අතරට කමිඳු මෙන්ඩිස්ව නම් කළා.

කමිඳු මෙන්ඩිස්ට අමතරව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි 2024 මාර්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීම සඳහා නිර්දේශ වී සිටියා.

“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ආශ්වාදයක් ලෙස සලකනවා, මා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයින් සහ හොඳ තරඟකරුවන් ලෙස මම සලකනවා.” යනුවෙන් කමිඳු මෙන්ඩිස් අදහස් දක්වා තිබුණා.

ප්‍රභාත් ජයසූරිය සහ වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රහණය හිමිකරගත් තුන්වන ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?