2024 වසරේ පළමු සූර්යග්‍රහණය හෙට

මේ වසරේ පළමු සූර්යග්‍රහණය හෙට සිදු වනවා.

ඒ, පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසින්.

පූර්ණ සූර්යග්‍රහණයක දී සිදු වන්නේ චන්ද්‍රයා මඟින් පෘථිවියට පතිතවන සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර වන ආකාරයට සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණීමයි.

මෙවර පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වීම ආරම්භ වන්නේ දකුණු පැසිෆික් කලාපයට ඉහළින්.

එම කලාපයේ වේලාවෙන් පෙරවරු 11.07 ට මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට පළමුව පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වනු ඇති.

එතැන් සිට පැය 01යි විනාඩි 40කට ආසන්න කාලයක් පුරා ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදේශ කිහිපයකට දිස් වෙමින් ගමන් ගන්නා පූර්ණ සූර්යග්‍රහණය පස්වරු 5.16ට අත්ලාන්තික් සාගර කලාපයෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් පූර්ණ සූර්යග්‍රහණය දිස් වන්නේ ආසන්න වශයෙන් කිලෝ මීටර් 183ක් පමණ ඉතා පටු තීරයකට වන අතර අනෙකුත් ප්‍රදේශයන් සඳහා පාර්ෂවික සූර්යග්‍රහණයක් ලෙස දිස් වීමට නියමිතයි.

විශේෂයෙන්ම මේ වසරේ දී සූර්යයා වඩාත් සක්‍රීයව පවතින බැවින් මෙම පූර්ණ සූර්යග්‍රහණය වඩාත් අලංකාරව දැකගත හැකිවනු ඇතැයි නාසා ආයතනය පවසනවා.

මෙවර පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීමට සුදුසුම ප්‍රදේශය ලෙස නිව්යෝර්ක් නගරයේ ප්ලැට්ස්බර්ග් හඳුන්වා දී තිබෙනවා.

එම ප්‍රදේශය පූර්ණ සූර්ය ග්‍රහණය හේතුවෙන් විනාඩි 3යි තත්පර 33ක් සූර්යාලෝකය නොමැතිව අඳුරු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පූර්ණ සූර්ය ග්‍රහණය පවතින දිගුම කාලය වන විනාඩි 4යි තත්පර 28ක අන්ධකාරය අත් විඳින්නේ මෙක්සිකෝවේ ටොර්රියොන් ප්‍රදේශයයි.

කෙසේ වෙතත් මෙම සූර්යග්‍රහණය සිදුවන වේලාව වන විට අපගේ කලාපයට රාත්‍රිය උදා වී ඇති බැවින් එය නැරඹීමට ශ්‍රී ලාංකියන්ට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
23
+1
36
+1
14
+1
34
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22