යතුරුපැදි ජැකට් එකේ සැඟ වී ඇති මාරයා

යතුරුපැදියේ ගමන් බිමන් යන බොහෝ පිරිස් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට ජැකට් එකක් පළඳිනවා.

නමුත් එම ජැකට්ටුව නිසා ඔබේ සෞඛ්‍යයට එල්ල විය හැකි තර්ජනය ගැන ඔබ මොහොතක් හෝ සිතා බැලුවාද ?

ජැකට්ටුවේ සැඟවුණු අවධානමක් පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදිකරුවන් බහුලව භාවිතයට ගන්නා වැහිකබා සහ ජැකට් නිමවීමට අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා රෙදිවල මිනිස් අන්තරාසර්ග පද්ධතියට හානි පමුණුවන රසායන ද්‍රව්‍ය අඩංගු බව මෙම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙරට වෙළෙඳපොළෙන් අහඹු ලෙස මිලදීගත් වැහිකබා සහ ජැකට් සාම්පල කිහිපයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට යොමු කර, කරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ජල විකර්ෂක රෙදිපිළිවලින් නිමවූ ජැකට් සහ වැහිකබාවල ෆ්ලුරොඩකනොයික් ඇසිඩ් නැමැති රසායනය අන්තර්ගත බවයි.

මෙම රසායන ද්‍රව්‍ය, මිනිස් හෝර්මෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා.

එය ශරීරගත වීමෙන් අක්මාව, තයිරොයිඩ් ග්‍රන්ථි, වකුගඩු, ස්නායු පද්ධතිය, මොළය වර්ධනයට සහ ප්‍රජනක පද්ධතියට හානිකර බව අදාළ වාර්තාව පෙන්වා දෙනවා.

එසේම මෙම ෆ්ලුරොඩකනොයික් ඇසිඩ් නමැති රසායනය රැධිරය සහ මව්කිරි මගින් මවගෙන් ළදරුවන්ට ද සම්ප්‍රේෂණය විය හැකි බවත් එයින් ළදරුවන්ගේ වර්ධන ගැටලු ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇති බව ද අදාළ වාර්තාව අවධාරණය කරනවා.

එසේම ෆ්ලුරොඩකනොයික් ඇසිඩ් රසායනය ජලයේ දියවන බැවින් ජලය හරහා මිනිස් සිරුරට සහ ජලජ ජීවීන්ට ද එකතුවීමේ අවදානමක් ද තිබෙනවා.

දැනට මෙරට තුළ ලියාපදිංචි යතුරුපැදි ගණන ලක්ෂ 45ක්.

මෙම යතුරුපැදිකරුවන් සියලුදෙනාම හෝ වැඩි දෙනෙක් වැහිකබා හෝ ජැකට් භාවිත කරද්දී, එම ජැකට්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තවමත් නිසි නියාමනයක් සිදුනොවන බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
6
+1
12
+1
12
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15