රොමාරියෝගේ අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් මුම්බායි ඉනිම වාර්තා අතරට

අයි.පී.එල්. තරගාවලියේ තවත් තියුණු තරගයක් මේ වනවිට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 234ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස තරගයක දී කිසිඳු පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙම තරගයේ දී මුම්බායි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට රෝහිත් ශර්මා සහ ඉශාන් කිෂාන්ට හැකි වූ අතර, රෝහිත් ශර්මා ලකුණු 49ක් සහ ඉශාන් කිෂාන් ලකුණු 42ක් රැස් කළා.

නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 39ක් රැස්කළ අතර අද තරගය දී මුම්බායි කණ්ඩායමට කැඳවූ සූර්යකුමාර් යාදව්ට ලකුණු ලබා ගැනීමට හැකිවුයේ නැහැ.

මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ දිල්ලි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කළ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 45ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 10ක් තුළ නොදැවී වේගවත් ලකුණු 39ක් රැස් කළා.

ඇන්රිච් නොර්ට්ජේ විසින් ක්‍රියාත්මක කළ මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාරය තුළ රොමාරියෝ ෂෙපර්ඩ් විසින් හයේ පහරවල් 04ක් සහ හතරේ පහර 02ක් සමඟ ලකුණු 34ක් උදුරාගත්තා.

ලකුණු 235ක දැවැන්ත ඉලක්කය හඹා යන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් රැස්කරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14