අලුත් අවුරුද්දට දින දෙකක් බාර් වැසේ

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා ඇති (විශේෂ අවසර ලත් ස්ථාන හැර) සියලුම මත්පැන් අලෙවිසැල් ලබන 12 සහ 13 යන දෙදින තුළ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තරු තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ බලපත්‍ර ලත් විශේෂ බුටික් විලා මීට අදාළ නොවන බවයි.

මේ අතර ලබන 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊට බලපත්‍ර වර්ගීකරණයක් අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?