රාජ්‍ය නිලධාරියෙක්ට අල්ලසක් දුන් චෝදනාවෙන් චීන ජාතිකයෙක් නිදොස් කොට නිදහස්

2018 වසරේ අගුණකොල පැලැස්ස ප්‍රදේශයේදී ගල් පිපිරවීමට අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිර්දේශ කර ගැනීම සඳහා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකරුවෙකුට රුපියල් 20000/- අල්ලසක් ලබාදීමේ චෝදනා එල්ල වී සිටි න චීන ජාතිකයකු වන වොන් දොං සිං නමැත්තා විත්ති වාචකය නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීන්දු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ නඩුවක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

2018 වසරේ ජූලි මස 30 වනදා හෝ ඊට ආසන්න දිනයකදී අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේදී ගල් පිපිරවීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍රයක් නිකුත් කිරීමට අදාළ නිර්දේශය ලබා ගැනීම සඳහා රුපියල් 20000/- ක අල්ලසක් මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමනාකරුවකු වන උපුල් චන්දන කුමාර මහතාට පිරිනැමීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකාර චීන ජාතිකයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණා.

දීර්ඝ සාක්ෂි විභාගයක් පැමිණිල්ල විසින් පැවැත් වූ අතර එහිදී ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න මතු කළා.

පැමිණිල්ල අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ විත්තිවාචකය කැඳවිය යුතුද නැද්ද යන්න විනිසුරුවරයා විසින් සලකා බලන ලදී.

එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ප්‍රබල හෝ නඩුකරය තහවුරු කරන ආකාරයේ සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරවම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා තීන්දු කළා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ සමඟ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56