විකුණන්න ගිය ගජමුතු එක්ක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් කොටු

රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරිවරයෙකු අද (01) සවස අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගර්ගා නගරය තල්ගස්ගොඩ මීගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරීවරයෙක් ගජමුතු තොගයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල මරදාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ගජමුතු හතර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?