පුංචි ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සම් හතරක් විභාගයට ගනී

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් හතරක් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළි විභාගයට ගත්තා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පළාත් පාලන ඡන්ද විමසීම පැවතීම සඳහා දිනය නියම කර තිබූ වකවානුවෙන් රටෙහි විශාල ආර්ථික අර්බුදයක් පැවති බවත් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ජනතාව දැනුවත් කර තිබූ බවත් සඳහන් කළා.

ඒ, පිළිබඳව මැතිවරණ කොමිසම ද දැනුවත් කිරීමට කටයුතු කළ බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පළාත් පාලන ඡන්ද විමසීම පනතට අනුව පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා පැමිණෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ප්‍රතිපාදන දක්වා තිබෙන බවත් පැවසුවා.

ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි අවස්ථාවක දී පළාත් පාලන මැතිවරණ පනත තුළ තිබෙන ප්‍රතිපාදන අනුගමනය නොකොට මැතිවරණ කොමිසම සිදු කළේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා සිටීම බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54