බංග්ලාදේශ ක්‍රිකට්වල පෙරළියක් – ව්‍යවස්ථාවෙත් සංශෝධන දෙකක්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් තමන්ගේ ම රූපවාහිනී නාලිකාවක් දියත් කිරීමේ අදහසින් ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඩකාහි දී ඊයේ (31) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී මෙම සංශෝධන් සිදුකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

රට තුළ ක්‍රියාත්මක වන සියලුම තරඟකාරී ක්‍රිකට් තරග සහ බංග්ලාදේශ ජාතික කණ්ඩායම සහභාගීවන සියලුම ජාත්‍යන්තර තරග එරට තුළ විකාශය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නසමුල් හසන් සඳහන් කළේ මෙම රූපවාහිනී නාලිකාව ඔස්සේ දේශීය තරඟ සහ ඔවුන්ගේ විකාශන හවුල්කරුවන්ට පෙන්විය නොහැකි ජාත්‍යන්තර තරඟ පෙන්වනු ඇති බවයි.

“T-Sports සහ Gazi TV අපේ තරඟ බොහොමයක් පෙන්වනවා.ඔවුන්ට සමහර තරඟ පෙන්වන්න බැරි නම්, අපි එම තරඟ පෙන්වන්න ඕනේ, ඔවුන් පෙන්වන්නේ පිරිමි ටෙස්ට් තරගයයි, ඒ නිසා ඔවුන්ට කාන්තා තරග මාලාව පෙන්වන්න බැහැ.අපිට තරග දෙකම රූපවාහිනියෙන් පෙන්වන්න ඕන ඒ නිසා අපිට විකල්පයක් තියෙන්න ඕන.අපිත් කැමතියි දේශීය ක්‍රිකට් රූපවාහිනියෙන් පෙන්වන්න. ඒකෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ යයි කියලා හැමෝම හිතනවා.දේශීය ක්‍රිකට්වල සහ විනිසුරුවන්ගේ ප්‍රමිතිය මිනිස්සුන්ට එතකොට බලාගන්න පුළුවන්.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01