රාජස්ථානයේ රාජකීයන්ගෙන් දිල්ලියට දරුණු ප්‍රහාරයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 12කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ඊයේ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ දිල්ලි නායකයාගේ තීරණයෙන් පළමුව පන්දුවට පහරදීමට රාජස්ථාන් කණ්ඩායම පිටියට පිවිසියා.

ඒ, අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී රාජස්ථාන් ඉනිම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ රියන් පරාග් පන්දු 45ක් තුළ ලකුණු 84ක් රැස් කළා.

ඊයේ තරගයේ දී පිතිකරණයේ උසස්වීමක් ලබා පැමිණි රවිචන්ද්‍රන් අශ්වින් රාජස්ථාන් ඉනිමට ලකුණු 29ක් රස කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී දිල්ලි නායකයා යොදාගත් පන්දු යවන්නන් පස්දෙනාම එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 186ක ඉලක්කයක් හඹා යෑමට දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයින් පිටියට පිවිසියා.

එහිදී දිල්ලි ඉනිම පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී තිබිය දී ලකුණු 173කට සීමාකරන්නට රාජස්ථාන් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

දිල්ලි කැපිටල්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් 49ක් රැස්කළ අතර, දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සටන නිරත වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නන්ද්‍රේ බර්ගර් සහ යුෂ්වේන්ද්‍ර චාහල් අතරේ කඩුලු 02ක් බැඟින් බිඳ දැමුවා.

මෙම තරගය ජය ගැනීමත් සමඟ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ පළමු තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28