ස්පා ගිය අය රත්වෙලා – වැහුව ස්පා එක අහලා පොලිසියට කෝල් පිට කෝල්

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ඊයේ (27) දින මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. ආසාධිත කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගත් බව සැලවීමත් සමග ඔවුන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමැතුම් රැසක් ලැබෙන බව වාර්තා වනවා.

පසුගිය දිනක මීගමු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයන් සඳහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී එයට සහභාගී වූ එක් අයකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බවත්, ඉන් අනතුරුව අදාළ අංශ විසින් ඔහුගෙන් කරන ලද විමසීම්වල දී හෙළිවී ඇත්තේ ඔහු දීර්ඝකාලීනව සම්භාහන මධ්‍යස්ථානවල සේවය ලබාගත් සාමාජිකයකු බවත්ය.

ඉන් අනතුරුව විමර්ශනයක් ආරම්භකර සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන පනස් තුනක සේවයේ නියුතු කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිට තිබුණා.

  1. සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද ලේබලය ගලවා හොඳින් පුහුණුකල දෙපක්ෂයේම සේවකයන් යොදවා තායිලන්තය වගේ වීවෘත ලෙස සාධාරණ මුදලකට පවත්වාගෙන යන්න. ඉතාම හොඳ සේවයක්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56