Empty Ad
Empty Ad
 Empty Ad

ගලගොඩඅත්තේ හිමිට යළි බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක්

කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු කෙරුණා.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවත් නියෝග කළා.

ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හිමිවෙනවා.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් ලක්ෂයක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

2016 වසරේ මාර්තු 30 වනදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමියන් විසින් අදාළ ප්‍රකාශය සිදුකළ බවයි.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම දඩුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාත් සාලි යන මහත්වරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු පැවරීම් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
33
+1
4
+1
9
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඡන්දය දුන්නෙත් අනුර කුමාර දිසානායකට
00:18
Video thumbnail
උතුරම සජිත් දිනනවා කියද්දී - මම දැම්මා අනුර දිනනවා කියලා
02:06
Video thumbnail
දොස්තරටත් දැන් බෙහෙත් ගන්න වෙලාද ?
03:01
Video thumbnail
ඔබ හාස්‍ය පෙන්නලා ගැලරියි චූන් කරන්නද හදන්නේ ? සංවේදී වූ අර්චුන රාමනාදන් අඳුරු අතීතය එකින් එක කියයි
02:41
Video thumbnail
උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල් ගැන දැනුවත් ද?
08:55
Video thumbnail
උසස් පෙළ විභාගය ඔබ පෙනී සිටිනවාද ? - මෙය අනිවාර්යෙන් ඔබගේ විභාග මධ්‍යස්ථානයට රැගෙන යන්න
07:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
හිටපු මැ.කෝගේ ගෙදරට හොරු පැනලා - "රත්තරං බඩුනම් ගන්න විදියක් නෑඔක්කොම තියෙන්නේ බැංකුවේ"
01:24
Video thumbnail
ලබන මාර්තුවේ අලුත් අයවැය එළියට
01:59
Video thumbnail
අකුරන වැසියන්ට විජිතගෙන් පොරොන්දුවක්
02:31

?