මුම්බායි පැරදූ ඔරේන්ජ් හමුදාව වාර්තා පිට වාර්තා තැබූ තරගයේ ජය ලබයි

අයි.පී.එල් තරගාවලියේ ඊයේ (27) රාත්‍රියේ පැවති තරගයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකි වුණා.

ඒ, ඊයේ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ ලැබූ දෙවන පරාජයත් හිමිකර දෙමින්.

මුම්බායි කණ්ඩායම පරදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ලකුණු 31කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් ක්‍රීඩකයින් මෙතෙක් අයි.අයි.පී.එල් තරග ඉතිහාසයේ දැවැන්තම ලකුණු පුවරුව නිර්මාණය කිරීමට සමත් වුණා.
මුම්බායි පන්දු ‍යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ හයිද්‍රාබාද් පිතිකරුවන් එහිදී කඩුලු තුනක් බිදවැටී ලකුණු 277ක් රැස් කළා.

එහිදී අද තරගය සදහා ආරම්භ පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට කැදවූ ට්‍රැවිස් හෙඩ් පන්දු 24ක් තුළ ලකුණු 62ක් රැස් කළ අතර, අභිශේක් ශර්මා ලකුණු 63ක් රැස්කළේ පන්දු 23ක් පමණක් වැයකරමින්.

මෙම තරගයේදීත් තම පිත්ත ප්‍රතිවාදීන්ට එරෙහිව අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කළ හෙන්ඩ්‍රිච් ක්ලාසන් වේගවත් ලකුණු 80ක් පන්දු 34 කින් රැස් කළා.

පන්දු යැවීමේ දී මුම්බායි පන්දු යවනන් දැඩි පීඩනයකය ලක්ව සිටි ආකරය දැකගත හැකි වූ අතර හර්දික් පාන්ඩ්‍යා, පියුශ් චවුලා සහ ජෙරල්ඩ් කෝට්සි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා

අනතුරුව ලකුණු 278ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට මුම්බායි ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, ඔවුන්ගේ ආරම්භක කඩුල්ලට ඉතා හොද සම්බන්ධතාවක් රෝහිත් ශර්මා සහ ඉශාම් කිෂාන් අතරේ ගොඩ නැගුනා.

ඉෂාන් කිෂාන් ලකුණු 34ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, මුම්බායි ඉනිමට තිලක් ශර්මා ලකුණු 64ක් රැස කරමින් වැඩිම ලකුණු ලාහියා වුණා.

ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 42ක් රැස කළ අතර මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 246ක් පමණයි.

පන්දු යැවීමේ දී ජාදෙව් උණට්කට් සහ පැට් කමින් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 31ක ජයක් හිමි වුණා.

මෙම තරගය් අයි.අයි.පී.එල් තරග ඉතිහාසයේ තවත් වාර්තා රැසක් පිහිට වූ තරගයක් බවට පත් වුණා.
ඒ අනුව අයි.අයි.පී.එල් තරගයක දී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව මෙම තරගයේ දී වාර්තා වූ අතර එම
සංඛ්‍යාව 38ක්.

එමෙන්ම පිතිකරුවන් සිව්දෙනෙක් ම පනදු 25කට අඩු සංඛ්‍යාවවක දී අර්ධ ශතක රැස්කළ තරගය බවට ද පත් වුණා.

ඊට අමතරව කණ්ඩායම දෙකක් විසින් අයි.අයි.පී.එල් තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා වූ අතර ඒ අනුව දෙපිළම අද තරගයේ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 523ක්.

ඒ අනුව මෙම වාර්තාගත තරගය ජයග්‍රහණය කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38