ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණයට ජනපතිගේ අවධානය (ඡායාරූප)

වසා දමා ඇති ජාතික කලා භවන මෙම වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

වසර දහතුනක් තිස්සේ අවසන් කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (26) දිනයේ එක්වෙමිනුයි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
.
2011 වසරේදී ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් එම රඟහලෙහි කාර්යයන් අවසන් කිරීමට හැකියාවක් ලැබී නැහැ.

ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ඇණහිට තිබෙනවා.

කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර කලා භවන සම්බන්ධයෙන් ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙසයි .

එයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවද ඔහු අවධාරණය කළා.

වර්තමානය වන විට කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට වෙන් කර ගත උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේදැයි විමසූවා.

එමෙන්ම මෙම ඉදිකිරීම් සහ පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් නාට්‍යකරුවන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීම වඩාත් සුදුසු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අදාළ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබා ගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

image 36
image 33
image 34
image 34
image 35
image 35
image 36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38