බ්‍රයන් තෝමස් කළ කෝටි 143ක වංචාවේ හෙළුව අධිකරණයේදී හෙළිවෙයි

ඇඟලුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින් ප්‍රවීන ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆටර්ගෙන් 2017 වසරේදී ලබාගත් රුපියල් 1437358665ක් වෙනුවෙන් අගරු චෙක්පත් 20ක් ලබාදී වංචාවක් කර ඇති බව ෂාෆ්ටර්ගේ මූල්‍ය ආයතනක ඝණකාධිකාරීවරියක් වන නාලිකා තුෂාරි කළුආරච්චි ඊයේ (26) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවා.

දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් ඊයේ (25) දින අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව පැවැති සාක්ෂි විභාගයේදී ඝණකාධිකාරිවරිය මේ බව ප්‍රකාශ කළා.

ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක් හා සම්බන්ධව ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යව ඇති බවත් එහි ප්‍රතිලාභ දිනේෂ් ෂාෆ්ටර්ටත් ලබා දිය හැකි බවත් පවසමින් සැකකාර බ්‍රයන් තෝමස්, ෂාෆ්ටර්ගෙන් රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑ තුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැට පහක මුදලක් ලබාගත් බවද ඇය ප්‍රකාශ කළා.

එසේ ලබාගත් මුදල් වෙනුවෙන් බ්‍රයන් තෝමස් දිනේෂාෆ්ට චෙක්පත් 20ක් ලබාදුන් නමුත් එම චෙක්පත් සියල්ලම අගරුවී තිබූ බවද ඇය සඳහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් ෂාෆ්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2019 වසරේදී පැමිණිලි කළ බවද ඇය පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සැරයන් 23972 විජිත රාජපක්ෂ පැමිණිල්ල මෙහෙය වූ අතර එහිදී ඇය මේ බව කියා සිටියා.

මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සැකකාර බ්‍රයන් තෝමස්ට එරෙහිව චෝදනා 20ක් යටතේ නඩු 7ක් ගොනුකර ඇති බව ද අධිකරණයේදී හෙළි වුණා.

බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී සිදුවූ අභිරහස් සිද්ධියකින් අනතුරුව 2022 වසරේ දෙසැම්බර් මාසයේදී දිනේෂ් ශාෆ්ටර් මියගොස් ඇති අතර එම මියයාම ඝාතනයක් බව ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35