පොඩි දරුවන්ට විතරක් දවල් කෑම දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද ?

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පාසල් නිල ඇඳුම් සහ දිවා ආහාරය නොමිලේ ලබා දුන්නත් මේ වන විට රජය එම දිවා ආහාරය කියා ප්‍රාථමික පන්තිවල දරුවන්ට පමණක් ආහාර වේලක් ලබා දෙන බවත් දරුවන්ව කිසිදු අවස්ථාවක කොටස්වලට බෙදිය නොහැකි බවත් දිවා ආහාර වැඩසටහන පාසලකට අත්‍යාවශ්‍ය වැඩසටහනක් බවත් ඒ තුළින් දරුවන්ට පෝෂණයක් ලැබී සිතීමේ හා බුද්ධිමය හැකියාවක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

අමාරුවෙන් ජීවත්වන පවුල්වල දරුවන් පන්ති කාමරවල ක්ලාන්ත වී වැටෙන බවත් අමාරුවෙන් ජීවත් වන රටේ, රජයේ පාසල් 10126ක ඉගෙනුම ලබන 41 ලක්ෂයක් පාසල් දූදරුවන් සිටින විට ප්‍රාථමික දරුවන් පමණක් වෙන් කර දිවා ආහාරය ලබා දීම කණගාටුදායක බවත් සමගි ජන බලවේග රජයක් තුල පාසල් දූදරුවන් 41 ලක්ෂයටම දිවා ආහාරය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 87 වැනි අදියර යටතේ අද (26) දින රත්නපුර රක්වාන ගොඩකවෙල රාහුල ජාතික පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමාජයේ අංශූ මාත්‍රයක් තරම් වන කුහකයන් මේ වැඩ විවේචනය කරන බවත් ඔවුන්ගේ ඇගිලි සාම්ප්‍රදායික දේශපාලනය නියෝජනය කරන අයට දික් කළ හැකි වුවත් සමගි ජන බලවේගය වෙත දික් කිරීම සිදු කළ නොහැකි බවත් තමා ඇතුළු පිරිස බලයක් නොමැතිව රටට අගයක් මේ වන විටත් එකතු කර ඇති බවත් රාජ්‍ය බලය ලැබුණු පසුත් රජයේ වියදම්වලට අමතරව දානපතියන් සම්බන්ධ කර ගෙන අධ්‍යාපනය සංවර්ධනය කිරීමට නව වැඩපිළිවෙළක් සතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසූවා.

තමාට බස් රථ ලබා දෙන එක ගැටලුවක් නොවූවත් රටේ විනිමය ගැටලුව නිසා බස් රථ ආනයනය සෙමින් සිදුවන බවත් මෙරට තුළ නිෂ්පාදනය වන බස් රථ පවා නිෂ්පාදනය අඩු බවත් තමා හොරා කෑම, වංචා කිරීම්, අල්ලස් දූෂණය නොකරන නිසා මෙවැනි බස් පරිත්‍යාග කිරීමට ඕනෑ තරම් දානපතියන් සිටින බවත් එම නිසා තමා සෑම මොහොතකම පාසල් පද්ධතියට අගයක් එකතු කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

කිසිදු දවසක මෙරට ඉතිහාසයේ විපක්ෂයක සිට සංවර්ධනයක් හරහා රටට වටිනාකමක් අගයක් එකතු නොකළත් සමගි ජන බලවේගය එම ක්‍රමයේ වෙනස ඇති කළ බවත් මීට පසු බලයට එන විපක්ෂ නායකවරයාට මේ නිසා අනිවාර්යෙන් වැඩ කළ යුතු බවත් ඔහුට කයිවාරු දේශපාලනය සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 134ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1348ක් වැය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23