AFC Banner
Empty Ad
Empty Ad

අත්හිට වූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කල්යයි

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටුකරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී අත්හිට වූ සිරදඬුවම් හා දඩ මුදල් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (26) දින අවසර ලබාදුන්නා.

මෙම අභියාචනා පෙත්සම අද ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව අදාළ අභියාචනා පෙත්සම අප්‍රේල් මස 30 වනදා සහ මැයි මස 03 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් රොහාන්ත අබේසූරිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල මෙම සිද්ධියට අදාළ මහාධිකරණ නඩූවේ සාක්ෂි ලෙස ගොනු කර තිබූ පොරොන්දු නෝට්ටු කීපයක් අධිකරණය හමුවේ කැදවීමට අවසර ලබාදුන්නා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියමකර එය වසර පහකට අත් හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?