අලි මිනිස් ගැටුම වැළැක්වීමට අදාළ යෝජනාවලියක් අධිකරණයට

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සකස් කර තිබෙන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා සුදුසු රජයේ ආයතන වෙත යොමු කරන ලෙස අභියාචනාධිකරණය අද (26) දින නියෝග කර තිබෙනවා.

අලි මිනිස් ගැටුම වැළැක්වීමේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද 926) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එම කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද (26) දින සම්පත් විජේරත්න සහ ඒ. මරික්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රට පුරා ක්‍රියාත්මක සංවිධාන, මහජනතාව සහ විද්වතුන් සමඟ සාකච්ඡා කොට ඊට අදාළ යෝජනාවලියක් තම සංවිධානය විසින් සකස් කර තිබෙන බව පැවසුවා.

එමෙන්ම අදාල යෝජනාවලිය ඇතුළත් වාර්තාව බාරගෙන වගගකිවයුතු රජයේ ආයතන වෙත යොමු කර අලි මිනිස් ගැටුම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥ වරයා අධිකරණය හමුවේ ඉල්ලීම් කළා.

ඒ අනුව, අදාළ වාර්තාව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා විසින් භාරගනු ලැබුවා.

අනතුරුව වැඩිදුර පියවර ගැනීම සඳහා අදාළ වාර්තාව සුදුසු රාජ්‍ය ආයතන වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටද අධිකරණය තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?