ඔන්ලයින් අවුලක් නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

මෑතකදී හඳුන්වාදුන්, රාජ්‍ය සේවයේ බලපත්‍රමත අන්තර්ජාල හරහා ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේ ගැටළු රාශියක් පැන නැගී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් ද අදාල ක්‍රමවේදය සකස් කල පුද්ගලික ආයතනය වෙත මෙම පද්ධතියේ ගැටලු ඇති බැවින්, කඩිනමින් එම ගැටලු නිරාකරණය කර දෙන ලෙස දන්වා තිබුණා.

බලපත්‍ර මත අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කිරීමේ දී බලපත්‍රයේ සඳහන් දත්ත නිවැරැදි ලෙස ඇතුලත් කිරීමට ඇතැම් පුද්ගලයන් නොදැන සිටීම මත සහ හඳුන්වාදී ඇති පද්ධතියේ දිගින් දිගටම දෝෂයන් වාර්තා වීම හේතුවෙන් ,එම බලපත්‍ර ලාභීන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අපහාසුතාවයට පත්වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මේ පිළිබඳ අදාල පාර්ශවන් දැනුවත් කල ද නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ (22)දින සවස 06.00 සිට ඇතැම් රාජකාරී කටයුතු වලින් ඉවත්වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කරන මගීන්ගේ සේවා සිදු නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර ඇති බවයි සදහන් කළේ.

WhatsApp Image 2024 03 23 at 19.05.51


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51