Update – මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී – රුසියාවේ ජාතික ආරක්ෂාවත් තර කෙරේ

අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 145 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මොස්කව්හි ක්‍රොකස් සිටි ශාලාවට එල්ල වූ නිර්ලජ්‍ය ප්‍රහාරයේ වගකීම ISIL (ISIS) කණ්ඩායම භාරගෙන තිබෙනවා.

ස්වයංක්‍රීය ආයුධ සහිතව ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් පස්දෙනෙක් රැස්ව සිටි පිරිසට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා පළාගොස් තිබුණේ සුදු පැහැති මෝටර් රථයකින් බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිසෙන් 60 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රුසියානු සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ.

ප්‍රහාරකයින් විසින් ගොඩනැගිල්ල තුළ සිදුකළ පිපිරීම්වලින් ඒ තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එමඟින් ශාලාවේ
වහලයේ කොටසක් කඩා වැටී ඇති නමුත් මේ වන විට ගින්න නිවාදමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජනපදය ධවල මන්දිරය රුසියාවට මොස්කව්හි “විශාල රැස්වීම්” වෙත මෙම මස මුල දී සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව මීට පෙර අනතුරු ඇඟවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රහාරයට රුසියාව සමඟ යුද්ධයකට පැටලී සිටින යුක්‍රේනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද ධවල මන්දිරය සඳහන් කර තිබුණා.

රුසියානු ආරක්ෂකයින් ප්‍රහාරකයන් සොයමින් සිටින අතර, පුද්ගලයින් ඒකරාශිවීමේ සියලු ක්‍රියාකාරකම් මේ වනවිට රුසියාව තුළ අවලංගු කරමින් ජාතික ආරක්ෂාව තරකර තිබෙනවා.

මේ අතර ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙතෙක් ජාතිය අමතා නොමැති අතර, ඔහුගේ නියෝජ්‍යයෙකුට අනුව තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?