සැමියාගේ දේහය බෙදාගන්න නීතිඥ සහ ලිපිකාර බිරින්දෑවරුන් සටනක

පුද්ගලයකුගේ මෘත දේහයක් භාරගැනීමට ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා අතර ඇතිවූ අර්බුධකාරී තත්වයක් පොලිසියට විසදීමට සිදු වූ අවස්ථාවක් අද (22)දින පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර ඔහු ඊයේ (21)දින සිය නිවසේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන ඇති අතර, දෙවන විවාහයේ බිරිඳ සමග මියයන අවස්ථාව වන විට ජීවත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයාගේ පළමු කසාදයේ බිරිඳ නීතිඥවරියක් වන අතර ,දෙවන කසාදයේ බිරිඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරිනියක් බවද කසාද දෙකෙහිම දරුවන් කිහිප දෙනෙක් සිටින බවද වාර්තාවනවා.

මෙහිදී හදිසි මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් මහතා විසින් සිදුකර දේහය ඥාතීන්ට භාරදීමට පොලිසිය සූදානම්ව තිබෙනවා

එම අවස්ථාවේදී දේහය තමාගේ නිවසේ තැන්පත් කරවීමට අවශ්‍ය බව පළමු කසාදයේ බිරිඳ ඉල්ලීමක් කර තිබුනා.

එසේ දේහය ලබාදෙන්නේ නම් තමාට සහ තමාගේ ඥාතීන් මිතුරන් ඇතුළු සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බවට දෙවන කසාදයේ බිරිඳ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිවූ කතාබහ දුරදිග යාමට ඉඩ ලබා නොදී පොලිසියේ මැදිහත්වීමෙන් දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට දෙපිරිසේම එකඟතාවය මත පියවර ගනු ලැබුවා.

දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා කිසිදු ගැටුමකින් තොරව අවසන් කටයුතු සිදු කරන ලෙස දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08