දිල්ලි මහ ඇමති අත්අඩංගුවට – අගමැති මෝදිගේ පක්ෂයට චෝදනා

ඉන්දියාවේ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ (21) රාත්‍රියේ වාර්තා කළා.

ප්‍රතිපත්තියට සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මහ ඇමතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අරවින්ද් කෙජ්රිවාල් මහ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම ඔහුගේ දේශපාලන පක්ෂයවන ආම් ආද්මි පක්ෂය දැඩිලෙස හෙළාදැක තිබෙනවා.

මේ අතර එම පක්ෂය පවසන්නේ මහ ඇමතිවරයා සිරගෙයි සිට සිය රාජකාරි ඉටු කරනු ඇති බවයි.

මේ අතර දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් සංවිධානය කරන ලද “දේශපාලන කුමන්ත්‍රණයක්” ලෙස ආම් ආද්මි පක්ෂය සඳහන් කර සිටියා.

අත්අඩංගුවට ගැනුණු දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් වන නඩු විභාගය අද (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.

එළඹෙන ඉන්දීය මහමැතිවරණයේ දී අරවින්ද් කෙජ්රිවාල්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන විපක්ෂ සන්ධානයක ප්‍රධාන නායකයෙක් වනවා.

මහමැතිවරණය අබියස තිබිය දී දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙය ඉන්දීය දේශපාලනය තුළ දැඩි කැළඹීමක් ඇති කරන සිදුවීමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13