උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කැපූ තරුණයා පොලිස් අත්අඩංගුවේ

උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහි ඡායාරූප සමාජ මාධ්‍යවල පළකර තරුණයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

19 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් නාග්පූර්හි දී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාහුල් මොහ්නිකාර් නැමැති මෙම තරුණයා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 19 වන උපන්දින සැමරුම වෙනුවෙන් උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහිදී ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකර ඇති බව සඳහන්.

අදාල ඡායාරූප සම්බන්ධයෙන් අවධානය යිමු වූ ඉන්දීය පොලිසිය අදාළ තරුණයාගේ නිවස වටලා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, කේක් ගෙඩිය කැපීමට යොදාගත් කඩුව ද පොලිස් තිබෙනවා.

ආයුධ පනතේ විධිවිධාන යටතේ මෙම තරුණයාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40