පාර්ලිමේන්තුවේ කැටයම් සහ ප්‍රතිමා නිර්මාණය කළ විමල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

චිත්‍ර හා මූර්ති ශිල්පී රුහුණු පුත්‍ර, කලා ශූරී, කලා කීර්ති ස්වර්ණතිලක, විස්කම් රන්සිලු යන ගෞරව නාම දිනූ දොන් විමල් වික්‍රම සුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1936 වර්ෂයේදී මාතර කඹුරුගමුව ප්‍රදේශයේ උපත ලද ඔහු මිය යන විට අසූ හත් වැනි වියේ පසුවිය.

ඔහු මිය යන වන විට කළුතර දූව පන්සල පාර අංක 22 නිවසේ පදිංචිව සිට තිබෙනවා.

මූර්ති නිර්මාණ ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියක් ලද එතුමන් විසින් නිර්මාණය කරන ලද කලා නිර්මාණ සඳහා සම්මාන රැසක්ම දිනාගෙන සිටි.

එතුමා වඩාත්ම ජනප්‍රියත්වයට සහ සම්මානයට පත්වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිර්මාණයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇති රිදී ආලේපිත ලෝහ කැටයම් සහ ප්‍රතිමා එතුමාගේ සුරතින්ම නිර්මාණය කර තිබීම මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ගොඩනැගිලි රැසකම ප්‍රතිමා හා ලෝහ ආශ්‍රිත නිර්මාණ රැසක්ම එතුමා නිර්මාණය කර තිබීමයි.

එතුමාගේ දේහය කළුතර දකුණ දුව පන්සල පාරේ නිවසේ තැන්පත් කර තිබූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) සවස වස්කඩුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22