මෙරට හඳුනා නොගත් ක්ෂය රෝගීන් රැසක්

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමා­ජය තුළ සිටින බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා මහ­ත්මිය පැව­සීය.

ඇය පවසන්නේ,මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බවයි.

සති දෙක­කට වඩා පව­තින කැස්ස, සව­සට මඳ උණ පැව­තීම, බර අඩු වීම, කෑම අරු­චිය, රාත්‍රි­යට අධික ලෙස දහ­ඩිය දැමීම, අධික තෙහෙ­ටි­ටුව, හුස්ම ගැනීමේ අප­හ­සුව, සෙම සමඟ රුධි­රය පිට වීම යනා­දිය පෙණ­හ­ලු­ගත ක්ෂය රෝගයේ ලක්ෂ­ණ වනවා.

එක් දින­කට ක්ෂය රෝගීන් දෙදෙ­නෙකු මර­ණ­යට පත් වන බවත් කලින් හඳු­නා­ගෙන නිසි ප්‍රති­කාර ගැනී­මෙන් රෝගය නිට්ටා­ව­ටම සුව­පත් කර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.