අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේ නව ඒකක 10ක් 

අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේ නව ඒකකය පිහිටුවීම සදහා අවශ්‍ය රෝගී සත්කාර උපකරණ ලබා දීමට ඕස්ට්‍රේලියාවේ හා මෙරට රොටරි සමාජ එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙරට රෝහල්වල නව ආඝාත ප්‍රතිකාර ඒකක 10ක් පිහිටුවීමට අවශ්‍ය විශේෂ ඇදන්, මෙට්ට, විශේෂ රෝද පුටු, හෘද ස්පන්දන මැන බැලිමේ යන්ත්‍ර ආදිය ලබාදීම ද සිදු විය.

ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙනුයි සාකච්ඡාව පැවැත්විය.

රොටරි සමාජය සැලසුම් කර ඇත්තේ ආඝාත ඒකක 10 සදහා මැයි මාසය අවසන් වීමට පෙර පිහිටුවීමටයි