වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ් ඊයේ (15)ජනාධිපති කාර්යාලයේ දී යි
වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිත අතර
සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීමට ඒ පිළිබඳ වගකීම් පැවරී ඇති සියලු ආයතන කැපවිය යුතු බව මෙහිදී පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බව සඳහන්.
එමෙන්ම වෙරළ පවිත්‍රතා වැඩසටහන් මෙන්ම වෙරළ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව දැනට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.














