සංවර්ධනයට ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න – ජනපති

සංවර්ධන කටයුතු සඳහා රජය ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග අද (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීයි.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024″ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 02කට ප්‍රතිලාභ හිමිවන අතර, එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතයි.

ඒ, වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183ක්.

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් බිලියන 02ක් වෙන්කර තිබෙනවා.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇති බව සඳහන්.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන වන වටිනාකම රුපියල් බිලියන 10ක්.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන්කරතිබෙනවා.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්, ශ්‍රම බලාකය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06