කැනඩාවේදී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්

පසුගිය බදාදා කැනඩාවේ ඔටාවා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ඊයේ (14) පස්වරුවේ දෙවන වරටත් ඔටාවා අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

ඔහු ආරක්ෂිතව අත්අඩංගුවේ පසුවන බවත් මීළඟ අධිකරණ දිනයේ දී ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවත් ඔහුගේ නීතීඥවරයා වන ඉවාන් ලිට්ල් ප්‍රකාශ කර තිබෙනවා.

කැනඩාවේ ඔටාවා අගනුවරට සිට කිලෝ මීටර 15ක පමන දුරින් තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේදීයී.

මෙම ඝාතනයට සැකපිට 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට එරෙහිව පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා හයක් සහ මනුෂ්‍ය ඝාතනට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කිරීමටයි පියවර ගැනුණේ.

එල්ජින් වීදියේ උසාවියෙන් පිටතට පැමිණ ෆෙබ්‍රියෝ ද සොයිසා ගේ නීතිඥ ඉවාන් ලිට්ල් වාර්තාකරුවන්ට පැවසුවේ “මම ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී සිටිනවා. ඔවුන් පැහැදිලිවම මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ කලකිරීමෙන් සිටින්නේ. ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බව මට පැවසිය හැකියි ඒ වගේම ඔහු හොඳින් කටයුතු කරනවා.”යනුවෙන්.

කෙසේ වෙතත් මෙහිදී්‍ ෆේබ්‍රියෝගේ නීතිඥයා සිය සේවා දායකයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මැලිකමක් දැක්වුවා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ මෙම සාහසික ඝාතනය කුමන කරුණක් අරභයා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවයි.

ඒ පිළිබඳවත් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කල නීතිඥ ලිට්ල් කියා සිටියේ එම කරුණු හෙළිදරව් වීමට ඇතැම් විට මාස කිහිපයක් ගතවිය හැකි බවයි.

නැවතත් මෙම නඩුව කැඳවීම මාර්තු මස 28 වැනිදා දක්වා කල් දැමූ ඔටාවා අධිකරණය එතෙක් ෆෙබ්‍රියෝ ද සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

මේ අතර ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවට පැමිණි ෆේබ්‍රියෝ ද සොයිසා ගේ මවුපියන් ඝාතනයට ලක් වූ වික්‍රමසිංහ පවුලේ සමීප හිතවතුන් බවත් වාර්තා වනවා.

ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ජීවත් නොවන බවත් පැවසූ නීතිඥ ලිට්ල් ඔවුන් මේ වනවිට රැඳී සිටින්නේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් හෙළි කිරීමත් ප්‍රතික්ෂේප කළා.

පසුගිය බදාදා කනඩාවම කම්පනයට පත් කරමින් සිදුකල මෙම සය පුද්ගල ඝාත්නයේ දී 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ කුඩා දරුවන් වන හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ, සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ මෙම ඝාතකයාගේ තියුණු අවි ප්‍රහාරයට ලක් වුණා.

19 හැවිරිදි මෙම සිසුවාගේ ඝාතන දාමයේ පළමු බිල්ල වී තිබුණේ ඔහුගේ කාමර සගයා වන 40 හැවිරිදි ගදමිණී අමරකෝන් නමැත්තෙක්.

මෙම ප්‍රහාරකයාගේ ප්‍රහාරයට ලක් වී ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූයේ දර්ශනී දිලන්තිකා ඒකනායකගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පමණයි.

තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙන් දරුණු කැපුම් තුවාලවලට ලක්වූ ධනුෂ්ක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මේවන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවනවා.

අදාළ ඝාතන සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා ඔටාවා පොලීසිය විසින් එදින රාත්‍රීයේම අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය සිදුකළ ස්ථානයේ සිටියදී.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අයගේ අවමංගල්‍ය දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55