එළියට යනකොට පරිස්සමින් කාලගුණයෙන් අනතුරු ඇඟවීම් (වීඩියෝ)

මේ දිනවල මෙරට වායුගෝලයේ පවතින අධික ආර්ද්‍රතාවය හේතුවෙන් එළිමහනේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ පවතින අධික ආර්ද්‍රතාවය හේතුවෙන් බාහිර ක්‍රි‍යාකාරකම්වල යෙදීමේදී සිරුරට නැගෙන දහදිය බොහෝ වේලාවක් රැඳී තිබෙන බවයි.

මේ හේතුවෙන් සිරුරේ උණුසුම සාමාන්‍ය දිනවලට වඩා ඉහළ යෑම හේතුවෙන් විවිධ සංකූලතා ඇතිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පල කර සිටියේ ඊයේ (11) දිනයේ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍යම මහා විදුහලේ පැවති මැරතන් තරගයකට සහභාගි වූ ක්‍රීඩකයෙකු අධික උණුසුම හේතුවෙන් මියෑම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින්.

අදාළ විදුහලේ පැවැත්වෙන නිවාසාන්තර මළල ක්‍රීඩා තරඟයට සමගාමීව මෙම මැරතන් තරගය පැවැත්වුනා.

මේ සඳහා සහභාගි වෙමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු මැරතන් තරගය අතරතුර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් තුරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමටයි පාසල් බලධාරීන් කටයුතු කළේ.

ඉන් අනතුරුව මෙම සිසුවාගේ තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරේපත්තු මූලික රෝහලට ඇතුළත් කළද ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් හදිසි අසනීප තත්ත්වයක් යටතේ තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කෙරුණු අදාළ සිසුවාට නිසි ප්‍රතිකාර නොලැබුණු බව පවසා මෙතෝදිස්ත පාසලේ සිසු දරුවන් සහ මවුපියන් එම රෝහල ඉදිරිපිට විරෝධතාවක් පළ කළා.

මෙම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කුපිත වූ ඇතැම් පිරිස් රෝහලට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කළේ.

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවීමට සිදුවූ බව තිරුක්කෝවිල් පොලිසිය පැවසූවා.

කෙසේ වෙතත් පාසල් බලධාරීන් සහ තිරුක්කෝවිල් පොලිස් නිලධාරින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත විදුහලේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි විදර්ශන් නම් සිසුවෙක්.

මේ අතර මේ දිනවල පවතින අධික උණුසුම සහිත කාලගුණය හේතුවෙන් පාසල් බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීමේ දී වඩාත් වැඩි අවධානයක් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දීම් කර තිබුණා.

පසුගිය පෙබරවාරි 28 වැනි දින අධ්‍යාපනය අමාත්‍යංශය නිකුත් කළේ එවන් එක් නිවේදනයක සටහන් වී තිබුණේ අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් 28 වෙනි දින සහ 29 වැනි දෙදින තුළ පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදන සහ ප්‍රදේශයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පාසල් බලධාරීන් අවධානය යොමු නොකළ අවස්ථා කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුණා.

පාසල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අවසානයේ දරු දැරියන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම අවාසනාවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46