ඊයේ (08) දින රඹෑව විද්‍යාලය ක්‍රිඩාංගනයේ පවත්වන ලද සංගීත සංදර්ශන සඳහා සහභාගි වී නිවෙස් වෙත යමින් සිටි පිරිසක් අද (09) අලුයම 02.00 ට පමණ රඹැව – අනුරාධපුර මාර්ගයේ රඹෑව නගරයේ සිට මීටර 500 ක් පමණ දුරින් ප්‍රෙද්ශයේ දී රබෑව සිට අනුරාධපුර දෙසට ධාවනය කළ ජීප් රථයක් මෙම පිරිස රිය අනතුරකට ලක්කර පලා ගොස් තිබෙනවා.
පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු පාරේ ගමන් කරමින් තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදු ව ඇත්තේ.
අනතුරට ලක්වූ මෙම තරුණන් පස්දෙනාම මිහින්තලේ රැඹෑව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයින් තිදෙනා මරණයට පත් වී ඇති අතර, තුවාල ලැබූ අනිත් තරුණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන තිබෙනවා.
අනතුරින් මිය ගිය පුද්ගලයින් තිදෙනා අවුරුදු 21, 19,14 වයස් වල පසුවෙයි.
මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු රැඹෑව රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු මිහින්තලේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.