තරුණයින් පිරිසක් යටකර ජීප් රථයක් පලායයි – තිදෙනෙක් මරුට

ඊයේ (08) දින රඹෑව විද්‍යාලය ක්‍රිඩාංගනයේ පවත්වන ලද සංගීත සංදර්ශන සඳහා සහභාගි වී නිවෙස් වෙත යමින් සිටි පිරිසක් අද (09) අලුයම 02.00 ට පමණ රඹැව – අනුරාධපුර මාර්ගයේ රඹෑව නගරයේ සිට මීටර 500 ක් පමණ දුරින් ප්‍රෙද්ශයේ දී රබෑව සිට අනුරාධපුර දෙසට ධාවනය කළ ජීප් රථයක් මෙම පිරිස රිය අනතුරකට ලක්කර පලා ගොස් තිබෙනවා.

පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු පාරේ ගමන් කරමින් තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුරට ලක්වූ මෙම තරුණන් පස්දෙනාම මිහින්තලේ රැඹෑව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයින් තිදෙනා මරණයට පත් වී ඇති අතර, තුවාල ලැබූ අනිත් තරුණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන තිබෙනවා.

අනතුරින් මිය ගිය පුද්ගලයින් තිදෙනා අවුරුදු 21, 19,14 වයස් වල පසුවෙයි.

මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ⁣රැඹෑව රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු මිහින්තලේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53