බැසිල්ගේ පැමිණීමෙන් පසු ගෝඨාභය ‘කුමන්ත්‍රණය’ හෙළිකරමින් පොතක් එලියට දමයි

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කර සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

” 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත් වීම් උත්සන්න විය. 2019 නොවැම්බර් මාසයේ දී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ.

මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමට ගත විය. කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අග දී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පුර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

මේ රට නිදහස ලබා ගත වූ පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුල විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතී. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබු ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක් කර ඇත. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයකි.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ සෘජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරමි.

හෙට, එනම් 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42