අලි සබ්රි රහිම්ට මාසයක් පාර්ලිමේන්තුව තහනම්

අද (06) දිනයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අද (06) දිනයේ සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන්නේය.

නීති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.