චූටි මල්ලිගේ සනුවරේ පිරිසක් ටී-56ක් සමඟ අත්අඩංගුවට

කප්පම් ඉල්ලා පසුගිය වසරේ 08 වන මස 04 වන දින කඳාන ප්‍රදේශයේ මස්කඩ හිමියෙකුට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සමඟ සැකකාරියන් තිදෙනෙකු හා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පමුනුගම, පුබුදුගම ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් පිරිස සහ ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ටී- 56 අර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 45ක් සහිත මැගසින් දෙකක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලීට නැමැත්තාට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.

චූටි මල්ලී නැමැත්තාගේ අනුදැනුම මත අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඔහුගේ පුංචි අම්මාගේ නිවසේ බෆල් යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී ගිනි අවිය සහ උණ්ඩ 45ක් සහිත මැගසින් දෙක සොයාගෙන තිබෙනවා.