විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වුණා.
එලෙස විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබා දී තිබූ වලංගු කාලසීමාව 2024 වසරේ 06 වන මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාස 08 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළා.
ඒ, අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.















