පුංචි ඡන්දය කල්දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සම්වලට මැතිවරණ කොමිසම කරුණු දක්වයි

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මැතිවරණ කොමිසම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළා.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (05) කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්තික් කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?