පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

2005 වසරේ පෑලියගොඩ පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදී මරණය සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එහි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට කොළඹ මහාධිකරණය විසින් අද (04) දින මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

අදාළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් සැරයන් අනුර වීරවර්ධන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම දඬුවම් නියම කළා.

මහජනතාව යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට බවත් ඒ අනුව නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම් අධිකරණය විසින් විත්තිකරුවන්ට නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා.

2005 වසරේ ජූලි මස 13 වලදා හෝ ඊට ආසන්න දිනයක රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අබේසිංහ නොහොත් රංජිත් නැමැති විත්තිකරුවකුට පොලිස් ස්ථානය තුළදී විකට් පොලුවලින් පහරදී මරණය සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එහි සේවය කළ පොලිස් නිලධාරීන් හතර දෙනකුට එරෙහිව නඩු පවරා තිබුණි.

එහෙත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෑලියගොඩ පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන එල්.දසනායක සහ සැරයන් මොහොමඩ් අජිස් යන නිලධාරීන් දෙදෙනා චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රෑන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පොලිස් ස්ථානයේ ජනේලයකට හේත්තු කර මාංචු දමා විත්තිකරුවන් දෙදෙනා විසින් මෙම පහර දීමක් සිදු කර ඇති බවයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ සටහන් යෙදීමට විත්තිකරුවන් කටයුතු කර නොමැති බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පසුදා මරණයට පත්වන තුරු අදාළ සැකකරුට විත්තිකරුවන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දී ඇති ආකාරය සාක්ෂි වලින් අනාවරණය වී ඇතැයි විනිසුරු වරයා පෙන්වා දුන්නා.

වෛද්‍ය වාර්තාවේ අන්තර්ගත කරුණු උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා” මෙම සැකකරු බිම ඇද වැටීමෙන් ඔහුගේ තුවාල ඇතිවූ බව විත්තිකරුවන් සඳහන් කර තිබුණා. එමෙන්ම අදාල මරණකරු මත් ලෝලියකු බවටත් විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා.

එහෙත් වෛද්‍ය වාර්තාවලට අනුව මියයන අවස්ථාව වන විට ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර තිබූ බවක් අනාවරණය වුණේ නෑ. එසේම මෙම විත්තිකරුගේ සිරුරේ තුවාල 26 ක් දක්නට ලැබෙනවා. එසේම මරණකරුගේ උරහිසට යටින් තිබෙන අස්ථි සියල්ල බිඳී ගොස් තිබෙනවා.

මෙම තුවාල බිම ඇද වැටීමෙන් ඇති වූ තුවාල නොවන බවයි වෛද්‍යවරුන්ගේ මතය. මෙම තුවාල මට ආයුධයකින් පහර දීම නිසා ඇති වූ තුවාල බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. විකට් පොල්ලක් වැනි දෙයකින් පහර දුන්නොත් මෙවැනි තුවාල ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.” ඒ අනුව මොට ආයුධයකින් පහර දීම නිසා පේෂි හානි වී අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍යවරයා නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මෙම විත්තිකරු මරණයට පත්වී සිටි බව සාක්ෂි වලින් අනාවරණය වී ඇති බවයි.

දඬුවම් නියම කිරීමට පෙර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චතුරි විජේසිංහ අධිකරණය හමුවේ සඳහන් කළේ, සමාජයේ සිටින සෙසු පොලිසිය නිලධාරීන්ට ද ආදර්ශයක් වන පරිදි උපරිම දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටින බවයි.

නීතිය අතට ගෙන තමන්ට ඕනෑම දෙයක් සිදුකළ හැකි බව සිතන පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් විය හැකි දඬුවමක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මරණීය දණ්ඩනය නියම කිරීමට මත්තෙන් අධිකරණය හමුවේ කරුණක් වූ විත්තිකරුවන් දෙදෙනා කියා සිටියේ තමන් සෑම අවස්ථාවකදීම කටයුතු කළේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව බවත් දැන් සියලු උසස් නිලධාරින් බේරී ගොස් සියලු වැරදි තමන් මත පැටවී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පොලිස් නිලධාරින් යනු සාමය රැකීම සඳහා නීතියෙන් බලය පැවරී තිබෙන නිලධාරී පිරිසක් බවත් ඔවුන්ට විමර්ශන සිදු කිරීම හැර සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ බලයක් නීතියෙන් හිමිවී නොමැති බවත් කියා සිටියා.

මහජනයා යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට වන අතර මෙම වරදට අධිකරණයෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් විත්තිකරුවන්ට නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
17
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18